උණවටුනේදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ බෑගය සොරාගත් පුද්ගලයා කොටු වෙයි

​ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියකගේ වටිනා භාණ්ඩ සහිත අත්බෑගයක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසිය සමත්ව තිබේ. තනිව සංචාරය කරන (Solo Traveler) තරුණියක වන ඇය, උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසල රැඳී සිටියදී මෙම සොරකමට මුහුණ පා ඇත. සොරාගත් බෑගය තුළ අයිෆෝන් (iPhone) වර්ගයේ ජංගම දුරකතනයක්, විදේශීය මුදල් සහ බැංකු කාඩ්පත් තිබූ බව වාර්තා වේ.​සිද්ධිය සම්බන්ධයෙන් අද (04) දින ඇය විසින් උණවටුන සංචාරක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලිසිය සිදුකළ මෙම කඩිනම් මෙහෙයුම හේතුවෙන් අදාළ සැකකරු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවිය.​අත්අඩංගුවට ගත් සැකකරු හෙට (05) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. විදේශීය මාධ්‍යවේදිනියට සිදුවූ මෙම අපහසුතාව පිළිබඳව සහ සොරකම් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් උණවටුන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *