උණුසුම අධිකයි

මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට (21) දිනයේ සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර හා මොණරාගල යන දිස්‍ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,

මෙම තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය සිදුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම්දී සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 751

Leave A Reply

Your email address will not be published. Required fields are marked *