උණ රෝගයට රෝහල් ගතකළ රැඳවියා මිය ගිහින්

උණ රෝගය වැළඳී මාතර මහ රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් ඊයේ (20) පස්වරුවේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර් මස 03 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකළ රඳවියෙක්.

මෙම රඳවියාට උණ රෝගය වැළඳීමෙන් පසු ඉකුත් 17 වනදා මාතර මහ රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රථිකාර අංශයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය බන්ධනාගාර රැඳවියා වයස 24ක පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.

මරණ පරීක්ෂණ කටයුතු අද (21) දින සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 580

Leave A Reply

Your email address will not be published. Required fields are marked *