බලන්ගොඩ පැවැති තඳ සුළං හේතුවෙන් ගස් කඩා වැටි පුද්ගලයින් 3 ක් රෝහලේ

බලන්ගොඩ ප්‍රදේශයට වර්ෂාවත් සමඟ පැවැති තඳ සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටිමෙන් තිදෙනකු තුවාල ලබා අද (21) දා රෝහල් ගත කර තිබෙනවා.

බලන්ගොඩ හැරමිටිගල ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් නිවසේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර ⁣එලෙස කඩා වැටි ඇති ගස බැලිම සදහා ගිය පුද්ගලයෙකුගේ හිස මතට කිකුල් ගසක් කඩා වැටිම හේතුවෙන් ඔහුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මේ අතර බලන්ගොඩ වටවල ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් එහි සිටි කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වර්ෂාවත් සමග පැවැති තඳ සුළං හේතුවෙන් එම නිවෙස් වලට අමතරව තවත් නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව ඇතැයි බලන්ගොඩ ආපදා සහන සේවා ඒකකය පවසයි.

මෙි සම්බන්දයෙන් කළ විමසිමකදිි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවේ නිවාස වලට සිදුව ඇති හානිය තක්සේරු කර ආපදා සහන සේවා ඒකකය හරහා ඒ සදහා සහන සැලසීම සදහා ඉදිරි කටයුතු සිදු කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *