උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 150ක ආදායමක්

උත්සව සමයත් සමග අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම 10% කින් පමණ ඉහළගොස් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

ඉකුත් දස වෙනිදා සිට 13 දින දක්වා අධිවේගී මාර්ගවලින් ලද ආදායම මිලියන 150 කට අධික බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අදාල කාලය තුළ අධිවේගී මාර්ගවල රථ වාහන 435,051 ධාවනය කර තිබෙනවා.

එමෙන්ම අද සහ හෙට යන දෙදින තුළ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසළ යම් රථ වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් ඊටද ගත හැකි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *