උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් දැඩි වැටලීම්

උත්සව සමය තුළ වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කළ විශේෂ වැටලීම් සහ විමර්ශන මෙහෙයුම් එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සහ විවිධ අසාධාරණ වෙළෙඳ උපක්‍රම මගින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන වෙළෙඳුන් සොයා රට පුරා මෙම මෙහෙයුම් දියත් කර ඇත.​පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් සිදුකරන මෙම වැඩපිළිවෙළ යටතේ, කිසියම් වෙළෙඳ ආයතනයක් පාරිභෝගිකයා අසාධාරණයට ලක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ. ඒ අනුව, ඕනෑම පාරිභෝගිකයෙකුට තමන් මුහුණ දෙන ගැටලු හෝ පැමිණිලි 1977 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත යොමු කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,093

Leave A Reply

Your email address will not be published. Required fields are marked *