උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් සැලකිළිමත් වන්න

උත්සව සමයේදී  සිදුවන හදිසි අනතුරු පිළිබඳ සැලකිළිමත්වෙමින් එම හදිසි අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන්නැයි  ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කර ගැනීම සම්බන්ධ‍යන්   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එකවෙමින්  විශේෂඥවෛද්‍යවරයා මේ බව පැවසීය.

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේදී හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වලට වැඩි වශයෙන් රෝගීන් ඇතුලත් වන බවද එ් මහතා  පෙන්වා දුන්නේය.  සෑම වසරකම   අප්‍රේල් 08  සිට 15 , 16 යන කාල සීමාවේදී  හදිසි අනතුරු හේතුවෙන් රෝගීන් 28,000ක් – 30, 000ක් පමණ සතියක් තුළදී රෝහල්ගත වන බව හෙතෙම පැවසීය.

උත්සව සමයේ රථ වාහන අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් එයින් රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යව ඉතා ඉහළ බවත් ඒ මහතා පෙන්වා දුන් අතර වැටීම් , සතුන් සපා කෑම් මෙන්ම පුද්ගලයන් අතර ඇති වන ආරවුල් හේතුවෙන් රෝහල් ගත වන රෝගීන් ද සිටින බව  පෙන්වා දුන්නේය. හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වුවන්,  මිය යාමද  අනෙකුත් දිනවලට සාපේක්ෂව වැඩි වීමක් දක්නට ලැබෙන බවද වෛද්‍ය විශේෂඥවරයා පෙන්වා දුන්නේය.

එබැවින් මෙම උත්සව කාලයේදී ඉතා ප්‍රවේසමෙන් එම සතුට භුක්ති වීදින ලෙසත් ,අනතුරු හැකි තරම් වළක්වා ගැනීමට  කටයුතු කරන ලෙසද ඒ විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 685

Leave A Reply

Your email address will not be published. Required fields are marked *