උත්සව සමය නිමවන තෙක් කිරිපිටි සහ පිටි මිල ඉහළ නොදැමීමට තීරණය කෙරේ

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය අවසන් වනතුරු මෙරට ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට අදාළ සමාගම් රජය වෙත සහතික වී තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ අද (23) පැවැති විශේෂ සාකච්ඡාවකදී ප්‍රීමා සහ සෙරන්ඩිබ් ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාගම් මෙම පොරොන්දුව ලබා දුන්හ. ලෝක දේශපාලනික තත්ත්වයන් මත නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ඉදිරි මාස තුන සඳහා අවශ්‍ය තොග පවත්වා ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.​බෙදාහැරීමේ කටයුතුවලදී ඉන්ධන කෝටාව හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද සමාගම් නියෝජිතයෝ මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළහ. ඊට පිළියම් ලෙස, ආහාර ප්‍රවාහන සේවා සපයන්නන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමට හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහන යටතේ ලියාපදිංචි වන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. එමඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය වඩාත් විධිමත් කිරීමට සහ බාධාවකින් තොරව සැපයුම් පවත්වා ගැනීමට රජය අපේක්ෂා කරයි.​අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා සහ පාරිභෝගික අධිකාරිය, සතොස ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන්ද සහභාගී වූ මෙම හමුවේදී වෙළෙඳපොළ ස්ථාවරත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. උත්සව සමයේදී පාරිභෝගිකයා සූරාකෑමට ලක් නොවන පරිදි භාණ්ඩ සැපයුම සහ මිල පාලනය කිරීමේ වැදගත්කම මෙහිදී රජයේ නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *