උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්

යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර එම ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) පෙරවරුවේ එක් වෙමිනි.

මේ අතර “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම ඊයේ යාපනයේදී සිදුකෙරිණි.

එමෙන්ම උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළව “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *