උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට අද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද අද (දෙසැම්බර් 4) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති වීමට අපේක්ෂා කරන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක් පමණ වන තරමක් තද වැසි ද ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද පළාත්වල සහ කුරුණෑගල හා වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද වැසි අපේක්ෂා කෙරේ. දිවයින වටා සුළං ඊසාන දිශාවෙන් හෝ වෙනත් දිශාවලින් පැයට කිලෝමීටර 25–35ක වේගයකින් හමා යයි. මුහුදු තත්ත්වය තරමක් රළු හෝ මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇති වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *