’දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස අලාභහානි වූ උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ මහා ව්‍යාපෘතිය අද (11) නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගී වූහ. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩපිළිවෙළ මඟින් උතුරේ ප්‍රවාහන පද්ධතිය යළිත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්රදානයෙනි. එම සමස්ත මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක පිරිවැයක් මෙම හදිසි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර තිබේ. ඉන්දීය රජයට අයත් ප්රමුඛ පෙළේ දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි තාක්ෂණික සහ ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලබයි.ව්‍යාපෘතියේ කටයුතු ප්‍රධාන අදියර තුනක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මහව සිට ඕමන්ත දක්වා කොටසත්, ඕමන්තේ සිට යාපනය දක්වා වූ දුම්රිය මඟත් මෙහිදී නවීකරණයට ලක්වේ. මීට අමතරව මැදවච්චිය සහ මන්නාරම අතර දුම්රිය ගමනාගමනයට බාධා පවතින ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන ඇත.ස්වභාවික ආපදාව හේතුවෙන් දුම්රිය මගීන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා මඟහරවා ගනිමින්, කෙටි කලක් තුළ මෙම වැඩ නිම කිරීම රජයේ අරමුණයි. මෙම නවීකරණයත් සමඟ උතුරු දුම්රිය මාර්ගයේ වේගය සහ ආරක්ෂාව ඉහළ නංවාලීමට ද විශේෂ අවධානයක් යොමු කර ඇත.


























