උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ

සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් හෙට (ජනවාරි 19) සිට තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී කේ. රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි. බත්තරමුල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, පුළුල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහව – අනුරාධපුර කොටස ජනවාරි 19 සිටත්, මහව – ඕමන්ත කොටස ජනවාරි 26 සිටත් සම්පූර්ණයෙන්ම වසා තබන බවයි. මීට අමතරව මැදවච්චිය – තලෙයිමන්නාරම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද හෙට සිටම ආරම්භ කිරීමට නියමිතය.​මහව සිට ඕමන්ත දක්වා වන දුම්රිය පාලම් පහක් අලුත්වැඩියා කිරීම සහ අලි මංකඩක් ලෙස නිර්මාණය කර ඇති උමගක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. උතුරු සහ දකුණු දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කරමින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මෙහි වැඩ අවසන් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි. මාර්ගය වසා තිබුණද තෝරාගත් දුම්රිය සේවා කිහිපයක් ක්‍රියාත්මක වන අතර, ඒ අනුව පුලතිසි සහ උදයදේවි දුම්රිය ජනවාරි 20 සිටත්, තිරිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදිත් ක්‍රියාත්මක වේ. යාල්රාණි දුම්රිය ජනවාරි 19 සිට අනුරාධපුර සහ කන්කසන්තුරේ අතරත්, ජනවාරි 27 සිට ඕමන්ත සහ කන්කසන්තුරේ අතරත් ධාවනය වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 969

Leave A Reply

Your email address will not be published. Required fields are marked *