උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද 31 සිට යළි ධාවනයට එක් කර තිබේ.

මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට පමණ පසුව බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේය.
අද රාත්‍රී

8.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන සීඝ්‍රගාමී තැපැල් දුම්රිය පෙරවරු 4.35 ට කන්කසන්තුර දුම්රිය ස්ථානය ට ළගා වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *