උතුරු නැගෙනහිරට නව ක්‍රීඩා පිටි

උතුරු නැගෙනහිර ක්‍රීඩා පිටි නොමැති ප්‍රදේශවල නව ක්‍රීඩා පිටි ඉදිකිරීමට, සහ සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරනබව  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

උතුරු නැගෙනහිර පළාත්වල ජාතික මට්ටමේ ක්‍රීඩාංගන නොමැතිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව, මඩකලපුව සහ ත්‍රිකුනාමල දිස්ත්‍රික්කවල ක්‍රීඩා පිටි ඉදිකිරීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.එම ප්‍රදේශවල ක්‍රීඩා කිරීමට දක්ෂ දරුවන් සිටියත්, ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාපිටි නොමැතිවීම ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව කඩිනමින් ක්‍රීඩා පිටි ඉදිකිරීමට කටයුතු කරන බවද පැවසීය.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *