පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ දැනුම් දීම පරිදි හෙට (20) දින උතුරු මැද පලාතේ සියලුම පාසල් නොපැවැත්වෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා සඳහන් කරයි.
ඒ අනුව 2024 වර්ෂයේ අවසාන වාර විභාගයේ 3,4 සහ 5 ශ්‍රේණි වල විභාග ජනවාරි මස 20 සහ 21 දිනවල පැවැත්වීමට නියමිතව තිබුණත් එම විභාග තාවකාලිකව කල් දමන බවයි, සමරකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
අනුරාධපුරය