උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ගින්නකින් 59 ක් මරුට..

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබේ.

තවත් 118 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් 18 දෙනෙකුගේ තත්ත්වය තවදුරටත් බරපතල බවද සඳහන් ය.

කොකානි නගරයේ පල්ස් සමාජ ශාලාවේ ගින්න හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හටගත් අවස්ථාවේ එහි 1500කට ආසන්න පිරිසක් සිට ඇති බවයි.

මියගිය පිරිස අතුරින් වැඩිදෙනෙක් අවුරුදු 14 ත් 24 ත් අතර වයස්වල පසුවන්නන් බවද සඳහන් ය.

සමාජ ශාලාවේ තිබූ පයිරොටෙක්නික් උපාංගවල මෙම ගින්න හටගෙන තිබේ. 

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *