නැගෙනහිර තරංගයක බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවට අනුව, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එබැවින්, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද වැසි, තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.


























