උතුරු හා නැගෙනහිරට තවදුරටත් වැසි! – නැගෙනහිර දෙසින් හමා එන සුළං ධාරා හේතුවෙන් තත්ත්වය යහපත් නැත

ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපාන නැගෙනහිර දෙසින් හමා එන සුළං ධාරා හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කි.මී. 30-40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. මේ අතර, කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා ත්‍රිකුණාමලය හරහා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති වේ. සවස හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කි.මී. 30-40ක් පමණ වේ. පුත්තලම හරහා හලාවත සිට කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කි.මී. 50-55 දක්වා ඉහළ යා හැක. පුත්තලම හරහා හලාවත සිට කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *