අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා වූ තවත් දිනයක් වන සෙනසුරාදා (29) දිනයද අත්හිටුවා ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27), හෙට (28), සහ අනිද්දා (29) යන දින තුනට නියමිතව තිබූ සියලුම විභාග කටයුතු නොපැවැත්වෙනු ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා දෙසැම්බර් 07, 08, සහ 09 යන දිනයන් නව විකල්ප දින ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව, නොවැම්බර් 27 (අද) පැවැත්වීමට නියමිතව තිබූ විෂයයන් දෙසැම්බර් 07 වන දිනටත්, නොවැම්බර් 28 (හෙට) සඳහා නියමිත විෂයයන් දෙසැම්බර් 08 වන දිනටත්, සහ නොවැම්බර් 29 (සෙනසුරාදා) පැවැත්වීමට නියමිතව තිබූ විෂයයන් දෙසැම්බර් 09 වන දිනටත් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.























