එංගලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 04ක ජයක්

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 178ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 47 වන පන්දුවාරයේදී කඩුලු 06ක් පමණක් දැවී තරඟය ජය ගත්තා. ඒ අනුව කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියව සහ පකිස්තානය අතරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *