එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව  අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සහ වෙළඳ ආයෝජන, සංචාරක, බලශක්ති සහ රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් එරට  අග්‍රමාත්‍යවරයා සහ  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක්  ඊයේ(22) පැවැත්විණි. 

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගැනීමේ අවස්ථාවට ඊයේ එක් වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම පිළිබඳ වැදගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද මෙහිදී සිදුවිය

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *