එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සබඳතා ශක්තිමත් කරන බවට අම‍ෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සබඳතා ශක්තිමත් කරන බවට අම‍ෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ.

අම‍ෙරිකානු ජනාධිපතිවරයා මැදපෙරදිගට පැමිණ සිටින්නේ සිව් දින සංචාරයක නිරත වෙමින් ය.

අම‍ෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් හමුවිය.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ශක්තිමත් සබඳතා ඇති කරගන්නා බව පැවසුවේ, දෙරට අතර ඩොලර් බිලියන 200කට අධික වටිනාකමකින් යුත් ගනුදෙනු ප්‍රකාශයට පත් කරමින් ය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ සහයෝගීතාව ඉහළ නැංවීමේ එකඟතාවක්ද ඊට ඇතුළත් වේ.

අමෙරිකානු බෝයිං සමාගම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහෙඩ් එයාර්වේස් සමාගම අතර ප්‍රකාශයට පත් කෙරුණු ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 14.5 කි.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ සෞදි අරාබියේ සංචාරය කළ අතර,  අනතුරුව කටාර් රාජ්‍යයට පැමිණියේය.

ඔහු මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන අතර එය ගල්ෆ් රාජ්‍ය කලාපයේ රටවල් 3ක සංචාරයේ අවසාන නැවතුමයි.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *