යෝජිත එක්සත් ජාතික පක්ෂ (UNP) සහ සමගි ජන බලවේග (SJB) සන්ධානයේ නායකත්වය කවුරුන් විසින් දරනු ලබන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කෙටි කාලය තුළදී හමුවීමට නියමිත බව එජාප නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා උපදේශක මට්ටමේ භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, තමන් සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව සිටින බව ඔහු මහා සංඝරත්නයට ද දැනුම් දී ඇති බව හෙතෙම සඳහන් කළේය. සන්ධානය සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට එජාපය යෝජනා කර ඇති අතර, පක්ෂය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමුව තිබේ.මේ අතර, පසුගිය සති අන්තයේ එජාප නියෝජිතයන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තහවුරු කළේය. රංජිත් මද්දුමබණ්ඩාර, රුවන් විජයවර්ධන, තලතා අතුකෝරළ, නවින් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡා මාලාව ජයග්‍රාහී නිමාවකට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රේමදාස මහතා සිය ‘X’ පණිවුඩයක් මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


























