එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා කෙටි නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මීට අමතරව, ළමා සුරැකුම් ප්‍රතිසංස්කරණය පිළිබඳ ගෝලීය ප්‍රඥප්තියට (Global Charter on Children’s Care Reform) සහය දැක්වීමේ ගිවිසුමකට අත්සන් තැබීමටත්, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැත්වෙන ඒ හා සබැඳි විශේෂ උත්සවයකට සහභාගී වීමටත් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර තිබේ.


























