
තර්ස්ටන් ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය අත්කර ගැනීමට thurstan කණ්ඩායම සමත් වුණා
අද එක්දින තරඟය පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදී
මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම නියමිත පන්දු ඕවර පනහේදී කඩුලු හතරක් දැවී ලකුණු 308ක් රැස් කළා.
දිනාල් ඉඳුවර ලකුණු 115යි.
තනුජ රාජපක්ෂ 67යි.
විහාස් තෙව්මික 52යි.
පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කළ ඉසිපතන කණ්ඩායම ඌවර තිස්තුනයි පන්දු දෙකකදී සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු එකසිය තිස් දෙකක් පමණයි.
ඒ අනුව තර්ස්ටන් විදුහල ලකුණු 176 ක ජයක් ලබාගත්තා.
දිල්ප රුවන්ත 40යි.
පන්දු යැවීම යොවුන් සිල්ප 47/4යි.
විහාස් තෙව්මික 20/3යි.