මොඩියුලයක අඩංගු එක් වචනයක දෝෂයක් මත පදනම්ව අධ්‍යාපන විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ඉල්ලා අස්වන ලෙස බලකිරීම සදාචාරාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති සතිපතා මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දෝෂ පවතින්නේ නම් හෝ යෝජිත ප්‍රතිසංස්කරණ රටට සහ සිසුන්ට අහිතකර වන්නේ නම් පමණක් බවයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදි දිශානතියක පවතින්නේ නම්, මොඩියුලයක අඩංගු තනි වචනයක් සම්බන්ධයෙන් රජය හෝ විෂය භාර අමාත්‍යාංශය වගකීම භාරගෙන ඉල්ලා අස් නොවිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


























