එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා එදා විපක්ෂයේ සිටියදී දැක්වූ අදහස් සහ අද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පරස්පරවිරෝධී බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාවට කරුණු පැහැදිලි කල යුතු බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා මෙහිහදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
” මාලිමා නායකයාට ඇහුම්කන් නොදුන් ජනපති අනුරජනාධිපතිතුමා ඉන්දියානු සංචාරයේ දී එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඉදිරියට කරගෙන යෑමට තීරණය කළ බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙනවා.
ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා “රටේ ආර්ථිකය ඉන්දියාවට බිලි දෙන එට්කා එපා” කියලා සම්මන්ත්‍රණයක් කලා.
ඒ සම්මන්ත්‍රණයේ දී ජවිපෙ නායක සහෝදරයා එට්කා ගිවිසුමෙන් මේ රට විනාශ වෙන හැටි හරි අපූරුවට විස්තර කළා.
ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඒ සම්මන්ත්‍රණයට සහභාගි වෙලා ජවිපෙ නායකයාට ඇහුම්කන් දුන්නා නම් කීයටවත් එට්කා ගිවිසුම ඉදිරියට කරගෙන යන්න එකඟ වෙන්නේ නෑ.
බැරි වෙලාවත් ජවිපෙ නායක අනුර සහෝදරයායි රටේ නායක අනුර ජනපතිතුමායි දෙන්නාම එක්කෙනෙකු නම් එදා කියූ දේ අද කරන්න බැරි ඇයි
කියලා ජනතාවට පැහැදිලි කරන්න ඕනි. එහෙම නැතිනම් එදා බොරු කියලා ජනතාව රැවැට්ටුවාට ජාතියෙන් සමාව ගන්න ඕනි.
මේ දෙකෙන් මොකක්ද ඔබතුමා කරන්නේ කියලා සමස්ත ජාතියම බලාගෙන ඉන්නවා.එට්කා මුලින්ම ආවේ සීපා කියලා.
2008 දී සීපා අත්සන් කරන්න ඉන්දියානු අගමැති මන්මෝහන් සිං මැතිතුමා ලංකාවටත් ඇවිල්ලා ඉන්නා අතරේ තමයි ජනතා විරෝධය හමුවේ මහින්ද ජනාධිපතිතුමා සීපා අත්සන් කිරීම කල් දැම්මේ.
ඉන්දියාව ලෝකය පුරා සීපා අත්සන් කරලා තිබෙනවා.
ද්විපාර්ශවීය ගිවිසුම් කියන්නේ නරක දෙයක් නොවේ.
ගිවිසුමේ අන්තර්ගතය අපට වාසි ද අවාසි ද කියන එකයි වැදගත් වෙන්නේ.
එට්කා ගිවිසුමෙන් අපේ නිෂ්පාදකයාට අපේ වෘත්තීයවේදින්ට අත්වන ඉරණම පිළිබඳ අපි පෙන්වා දී තිබිය දී ඒවා නොසලකා ගිවිසුම අත්සන් කරන්න යනවා නම් රට ආපසු හැරවිය නොහැකි විනාශයකට තල්ලු කරන බවයි අපට පේන්නේ.
ඒ වගේම ඔබතුමා මාලිමාවේ නායකයා විධියට 2023 අගෝස්තු 19 දා රැස්වීමක් අමතමින් රනිල් ජනාධිපතිතුමාගේ ඉන්දියානු සංචාරයේ දී අත්සන් කළ අවබෝධතා ගිවිසුම දැඩිව විවේචනයට ලක් කළා.
මුහුදෙන් ඉන්දියවෙන් වෙන් කරලා අපට ස්වභාවයෙන්ම ලැබුණු ආරක්ෂාව අහිමි කරමින් ලංකාව පාලමකින් විදුලි රැහැන් වලින් තෙල් නලයකින් ඉන්දියාවට ගැට ගහන්න දරණ වෑයම ඔබතුමා ඉතාම කර්කශව විවේචනය කළා.
අයිඑම්එෆ් ගිවිසුම දැන් අත්සන් කරලා ඉවර නිසා ඔබතුමාලා කෙතරම් කිව්වත් ඒ ගිවිසුම සංශෝධනය කරනවා කියලා කිව්වේ බොරුවට කියලා ජනතාව දැනගෙන නොසිටියත් අපි දැනගෙන සිටියා.
නමුත් මේ ව්‍යාපෘති තවම ක්‍රියාත්මක අවධියට ඇවිත් නෑ.
ඒ නිසාම එදා මේ ව්‍යාපෘති විවේචනය කලේ අවංකව නම් ඒ ව්‍යාපෘති කෙරෙන්නේ නෑ කියලා ඉන්දියාවට දැනුම් දේවි කියලා මුළු රටම ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණා.
නමුත් මේ ඒකාබද්ධ ප්‍රකාශය අනුව නම් විදුලි රැහැන් පද්ධතිය සහ තෙල් නලය ඉදි කිරීමේ සාකච්ඡා ඉදිරියටත් කරගෙන යෑමට දෙපාර්ශවය එකඟ වෙලා තිබෙනවා.
එතකොට එදා මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් වැරදිද?
එහෙම නැතිනම් ලොකු අයියාගේ තර්ජනයකට යටත් වෙන්න සිදු වුණා ද?
මේ ගැනත් ජනාධිපතිතුමා රට හමුවේ පැහැදිලි කිරීමක් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
*හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීම වැරදියි.*
අපේ පක්ෂයෙන් හිටපු ජනපතිවරයෙකු නෑ.
ඒ නිසා හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීමේ ජනප්‍රිය තීන්දුවට අපටත් හුරේ දාන්න පුළුවන්.
Bනමුත් හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබා තාර්කික බව තේරුම් නොගත්තොත් අපට මහ විනාශයක් වෙන්න පුළුවන්.
අද ආරක්ෂාව ලබන මහින්ද සහ ගෝඨාභය කියන ජනාධිපතිවරුන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලා.
ඒ නිසා දෙමළ බෙදුම්වාදින්ගේ වෛරයට එතුමන්ලා අද බඳුන් වෙලා ඉන්නේ. හිටපු ජනපති සිරිසේනත් වැඩබලන ආරක්ෂක ඇමති විධියට කටයුතු කලා විතරක් නොවේ පස් වතාවක් කොටි ත්‍රස්තවාදින් මරා දාන්න වෑයම් කරපු නායකයෙක්.
තනතුරෙන් විශ්‍රාම ගත්තාට පස්සේ ආරක්ෂාව නැති වෙනවා නම් තනතුරේ ඉන්න කාලයේ අවදානම් තීන්දු ගන්න පැකිලෙනවා. ත්
රස්තවාදය, පාතාලය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්න නායකයින් එඩිතර තීන්දු ගන්නේ තමන්ට ජීවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා කියන සහතිකය ලැබුනොත් විතරයි.
නැතිනම් අපිව කේන්ති ගස්සන්න එපා. ඔය තනතුරේ ඉන්නේ අවුරුදු පහයි.
වැඩිම වුණොත් දහයයි. ඊට පස්සේ අපි පලි ගන්නවා කියලා ත්රස්තවාදින්ම පාතාලයන්ම ජනපතිවරුන්ට සිහිපත් කරාවි. දැන් ඉතින් වයසයිනෙ. නහින දෙහින කාලයේ ඒ අයව මරන්න කාටද ඕනි කියලා හිතන්න නරකයි.
බ්‍රිතාන්‍යයේ ආරක්ෂක හමුදා ප්‍රධානි තනතුරේ සිටි මවුන්ට්බැට්න් සාමිවරයාව අයිආර්ඒ ත්‍රස්තවාදින් මරා දැම්මේ අවුරුදු 79 දී. *ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ පොලිසිය නොව හමුදාවයි*
ඒ වගේම ජනපති ආරක්ෂාවට හමුදාව ඉවත් කරලා පොලිසිය යෙදවීමට තීරණය කිරීමත් මෝඩ තීන්දුවක්.
මේ දිනවල රටේ පවතින සාමකාමි තත්වය හමුවේ හමුදාවට සුවිශේෂ රාජකාරියක් නෑ. නමුත් වැටුප් සහ දීමනා සුපුරුදු විධියට ගෙවනවා.
ඒ නිසා හමුදාව ප්‍රභූ ආරක්ෂාවෙන් ඉවත් කළා කියලා රටට වන ඉතිරියක් නෑ.
නමුත් පොලිසිය ප්‍රභූ ආරක්ෂාවෙන් මුදවා ගත්තොත් ඒ අය පැමිණිලි විභාගයට, පාතාල මර්දනයට, මත් ජාවාරම මර්දනයට උසාවි කටයුතු වලට මාර්ග තදබදය අවම කිරීමට යොදවන්න පුළුවන්.
ඒවා පොලිස් රාජකාරි. ඒ නිසා ඇත්තෙන්ම කළ යුත්තේ හමුදාවට ප්‍රභූ ආරක්ෂාව භාර දීලා පොලිසිය ඒකෙන් මුදවා ගැනීමයි.
එතකොට පොලිසියේ දැන් පවතින ශ්‍රම හිඟයටත් ඒක විසඳුමක් වේවි
.*ආරක්ෂකයින් දොර අරින හේතුව මේකයි*අනුර කුමාර ජනාධිපතිතුමා වාහනයේ දොර තමන්ම ඇරගෙන බහින එක ගැන සමාජ මාධ්‍ය පුරා උදාන වැකි ලියලා තිබෙනවා
අපි දැක්කා. ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් නැති අපේ තරුණ දුවලා පුතාලා ඒක අගය කරන එක අපට තේරුම් ගන්න පුළුවන්.
ඒකට ඉඩ දීලා නිහඬව බලා සිටි ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ඒකෙන් පෙන්නුම් කලේ තමන් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නෑ කියන එකයි.
හරි නම් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි.ලෝකය පුරා ප්‍රභූ ආරක්ෂකයින් තමන්ගේ ප්රභූවරයාට වාහනයෙන් බහින්න දොර ඇරලා දෙන්නේ ප්‍රභූගේ ලොකුකමට දොර ඇර ගන්නේ නැති නිසා නොවේ. ප්
රභූ වුණාට පස්සේ අත් හිරි වැටෙන නිසාත් නොවේ. ආරක්ෂක හේතුවක් නිසා. උත්සවයකට ප්රභූවරයෙක් එන බව වගේම එන වෙලාවත් ප්‍රසිද්ධ කාරණයක්.
ඒ නිසා ඔහු ඝාතනය කරන්න අවශ්‍ය අයට වාහනයෙන් බහින විවෘත ස්ථානය ප්‍රහාරයට හොඳම අවස්ථාවක්.
මේක දන්න නිසා තමයි වාහනය නැවැත්තුවාම ආරක්ෂක නිලධාරියා මුලින්ම බැහැලා අවට නිරීක්ෂණය කරලා තර්ජනයක් නෑ කියලා තහවුරු කරගත්තාට පස්සේ දොර අරින තුරු වාහනය තුලම රැඳී ඉන්නේ.
ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ ලෝකය පුරා භාවිතා කරන මේ සරල උපක්‍රමය දන්නේ නෑ කියන්නේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා වහාම තනතුරෙන් නෙරපිය යුතුයි.
මොකද අනුර කුමාර කියන්නේ අද මාලිමාවේ නායකයා විතරක් නොවේ.
අපෙත් රටෙත් නායකයා. රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීම ප්‍රභූ ආරක්ෂාවේ හෝඩියවත් දන්නා කෙනෙකුට පැවරිය යුතුයි.