එප්පාවලදී මාරක අනතුරක්

එප්පාවල – කැකිරාව මාර්ගයේ කටියාව හංදියට ආසන්නයේ ඇති වංගුවක් සහිත ස්ථානයකදී අද මාරක අනතුරක් සිදු වුණා.

වෑන් රථයක්, ඉදිරියෙන් පැමිනි යතුරු පැදියක ගැටී මාර්ගයෙන් ඉවතට යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යතුරුපැදියේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළා.

අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූ තිදෙනා අතරින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි සිව් දරු මවක් සහ ඇගේ දියණිය වන 38 හැවිරිදි තිදරු මවක්.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *