තෙල් සංස්ථාවේ ගබඩා පහසුකම් අවශ්‍යතාවය සපුරන්න තෙල් ටැංකි 24ක් සංස්ථාවට පැවරුවා. ඒවායින් ටැංකි පහක අළුත්වැඩියාවත් ඒ කාලයේම ඇරඹුවා. තව මාසයක් යන කොට ඒ අළුත්වැඩියා ඉවර වෙනවා. වත්මන් ඇමතිතුමා රිංගලා බැලුවේ එහෙම අළුත්වැඩියා කරමින් තිබෙන ටැංකියක් තමයි.
ඒ වගේම 2022 ජනවාරි මාසයේම අපි නැව් තෙල් වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳපොලට ගබඩා පහසුකම් සැපයීමේ අරමුණින් ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඛනිජතෙල් සංස්ථාව සහ එල්අයිඕසි සමාගම අතර ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් ආරම්භ කලා. මීට අවුරුදු තුනකට කලින් අපි සම්පූර්ණ කරපු වැඩක් තමයි දැන් ජනාධිපතිතුමා අළුත් වැඩක් විධියට රටට පෙන්වන්න හදන්නේ. ජනාධිපතිතුමාට මාව විශ්වාස නැතිනම් බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ “තෙල් ටැංකි යළි රටට” කියලා පොතක් තිබෙනවා. ඒ වගේම 2022 අත්සන් කළ ගිවිසුම තිබෙනවා. ඒවා බලලා මේ ව්‍යාපෘතියේ ඇත්ත ඉතිහාසය ඉගෙන ගන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා. 2022 දී “තෙල් ටැංකි යළි රටට” කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා. නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම බොරු විදින්න පෙළෙඹෙන්නේ නෑ.
බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ. කාංචන විජේසේකර ඇමතිතුමා ගෙනාපු තෙල් පිරිපහදුව තමන්ගේ කර ගත්තා වගේ ජානක වක්කුඹුර ඇමතිතුමා ලාභ කරපු හිඟුරාන සීනි කම්හල තමන්ගේ කර ගත්තා වගේ අපි දැවැන්ත සටනක් කරලා ලබා ගත්ත මේ වන විටත් සංවර්ධනය කරමින් පවතින තෙල් ටැංකි සංකීර්ණය එතුමන්ලාගේ යෝජනවක් විදියට සංවර්ධනය කිරිම ඉදිරියේදි කරන්න බලාපෙරොත්තු වෙනවා කියලා ජනධිපතිතුමා ජනතාව නොමග යවන්න උත්සහ කලේ. ඒ නිසා අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන්නේ නැතිව තමන්ගේ දරුවෙකු බිහි කර ගන්න කියලා මාලිමා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.
2002 දී ඉන්දියාවට දීලා වසර 75ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ මාලිමාව. 2002 දී ඉන්දියාවට දුන්නු බව හොඳටම දනිමින් ඔන්න අපේ ටැංකි ඉන්දියාවට දෙනවෝ. ජාතික ආරක්ෂාව අනතුරේ කියමින් රට පුරා උද්ඝෝෂණ කලා. මේ බොරුව බිඳලා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනි යන්න මට විවාද දෙකක් කරන්න සිදු වුණා. තෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයින් සමග හිරු නාලිකාවේ කළ විවාදයට මාලිමාව වෙනුවෙන් සහභාගි වුණේ ජපන් ගිහින් අතුරුදහන් වුණු හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා. ඒ වගේම මමත් ඩී වී චානක ඇමතිතුමාත් දේශපාලකයින් සමග දෙරණ නාලිකාවේ කළ විවාදයේ දී මාලිමාව නියෝජනය කලේ වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා. මේ විවාද වලින් ඇත්ත රටට පෙන්වලා දීලා තමයි අපට මාලිමාව නිහඬ කර ගන්න පුළුවන් වුණේ. වසර තුනකට පස්සේ තමන් වැරදියි අපි හරියි කියලා මාලිමාව පිලිගත්තු එක ගැන අපි සතුටු වෙනවා.
පක්ෂයේ මධ්‍යම කාරකසභික නුවන් අකලංක, මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුව සදහා එක් විය.