එලෝන් මස්ක්ගේ සමාජ මාධ්‍ය සමාගම වන X විකුණයි

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර කර ඇති අතර xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක් X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි.

මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වන බවද වාර්තා වේ. මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට ‘Twitter’ ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බවත් 2022 වසරේදී ඔහු ‘Twitter’ මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44කට බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. 

What's your reaction?

Related Posts

1 of 623

Leave A Reply

Your email address will not be published. Required fields are marked *