ඒ 9යේ සුපිරි බස් – ලොරි අනතුරෙන් තවත් අයෙක් මරුට

සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී ඉකුත්දා වූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා.

ඒ අනූව එම අනතුරෙන් මියගිය ගණන හතරක්.

මේ අනතුරෙන් සිද්ධිය වූ ස්ථානයේදීම තුන්දෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලැබුවා.

තුවාල ලැබූ කෙනෙකු මෙසේ ඊයේ (29) මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී පසුගිය (25) රාත්‍රියේ අනතුර සිදු වූ බවයි පොලීසිය පැවසුවේ.

යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති අතර එය යථා තත්ත්වයයට පත්කරගැනීම සඳහා බස් රථයේ රියදුරු ඇතුලු කිහිපදෙනෙකු බස් රථයෙන් බැස පරික්ෂා කර තිබෙනවා.

මේ අවස්ථාවේ පසු පසින් ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *