කොළඹ 07 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අසල පිහිටි වසර 90ක් පැරණි ඓතිහාසික ඔටෙස් (Otters) ක්‍රීඩා සමාජයට අයත් භූමිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා කරුණු අනාවරණය කළේය. පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගත් මෙම භූමියෙන් කොටසක් සංවර්ධනය කිරීම සඳහා එදා ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු උත්සාහ කළද, පසුව එම ගිවිසුම් යටපත් කරමින් වත්මන් රජය හරහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යවරයාව සිටියදී අත්සන් කරන ලද ටෙන්ඩර් ගිවිසුම් කාලයක් තිස්සේ රහසිගතව තබාගෙන සිට දැන් එම වටිනා භූමිය වසර 99ක බදු පදනම මත පෞද්ගලික සමාගමක් (Prime Lands) වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බවට පාදුක්ක මහතා චෝදනා කරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔටෙස් ක්‍රීඩා සමාජය සමඟ මුලින් ඇති කරගත් එකඟතා බිඳ වැටී ඇති අතර, රජයේ දේපළ අවභාවිතයක් මෙහි සිදුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
























