දැනටත් ඒ පිළිබඳ සී අයි ඩී පරීක්ෂණ ආරම්භ කලා..
සංචාරක ප්‍රවර්ධනයට දීපු දුම්රියේ සම්බාහන මධ්‍යස්ථානය නිසා අලාභ ඇත්නම් අය කර ගන්නවා..
දුම්රිය සාමාන්‍යාධිකාරී මාධ්‍ය හමුවේ පවසයි.
……………………………………
ඔඩිසි දුම්රියේ මාර්ග ගත ක්රමයේ දුම්රිය වෙන් කර ගැනීමේදී සිදුවෙන වංචාවක් සහ ජාවාරමක් පිළිබඳව මෙම මාධ්‍ය හමුවේ දැනුවත් කළා..
එම කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කිසිම ආකාරයකින් දුම්රිය ජාවාරම් වලට යොදා ගැනීමට ඉඩ නොදෙන බව සාමාන්‍ය අධිකාරීවරයා පවසනවා..
ඉන්ද්රිය සංචාරක කටයුතු වැඩි වීමත් සමඟ මෙවැනි ජාවාරම් සිදුකරන අය ගැන නිතර සෝදිසියෙන් සිටින බවත් කුමන හෝ ආකාරයක ජාවාරම් ඇත්නම් ඒවා වැළැක්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවයි සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ..
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඇතැම් ආයතන වලට ලබා දී ඇති දුම්රියවල සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම පිළිබඳ පලවන ප්රවෘත්ති පිළිබඳ සොයා බැලූ බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද මෙම මාධ්‍ය හමුවේ දැනුවත් කළා..
සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙම දුම්රිය කලක සිටම යොදා ගන්නාබවත් රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් ගෙවා යම් ආයතන මෙම දුම්රිය මිලදී ගන්නා අතර එය ඔඩිසි දුම්රියට සම්බන්ධ නැතිත් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නා..
කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රියට යම් ලාභ හානි සිදුවී ඇතැයි පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන ඇති අතර එම පරික්ෂා කිරීමේදී යම් අලාභ හානියක් ඇත්නම් එය දුම්රිය ලබාගත් ආයතන වලින් අය කර ගැනීමට ක්‍රියාමර්ග ගන්නා බවත් දුම්රිය සාමාන්‍යධිකාරිවරයා මාධ්යමයමය පැවසුවා..
…………………
උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය වැඩි කිරීමටත්..
දුම්රිය ප්‍රමාද වීම් හෝ අවලංගුවීම් වලින් තොරව ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගෙන ඇති බවත් මෙම මාධ්‍යමය පැහැදිලි කළා.