අනුරාධපුර, ඔයාමඩුව පොලිස් වසමට අයත් නිකවැව ප්‍රදේශයේදී අද (12) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අද දහවල් 1.30ට පමණ සිදුවූ මෙම අනතුරත් සමඟ ප්‍රදේශයේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර, අනතුර සිදුවූ අවස්ථාවේදී රථ දෙකෙහිම ගමන් කළ තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. ප්‍රදේශවාසීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.අධික වේගය හෝ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර, ඔයාමඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අනතුරට අදාළ වාහන පොලිස් භාරයට ගෙන තිබේ.


























