ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ දැනට ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික ඔලිම්පික් කමිටු සාමාජික සංගම් හි නියෝජිතයින් අද (20) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබීය.
එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා සාකච්ඡා වූ කරුණු අනුව ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වී කටයුතු කල යුතු වග ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී වූහ.