සමගි ජන බලවේගය (සජබ) ඕනෑම මොහොතක ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (2025 ඔක්තෝබර් 15) ප්‍රකාශ කළේය.”අපි ඕනෑම වෙලාවක ඕනෑම පරීක්ෂණයකට සූදානම්. ඒ නිසා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා” ප්‍රේමදාස මහතා මහනුවර පැවති රැස්වීමකදී පැවසීය.