ඕරායන් සඳ ගමන අරඹයි: වසර 50කට පසු මානව ඉතිහාසය අලුත් වන මොහොත

පෘථිවි කක්ෂයේ පැය 23කට අධික කාලයක් රැඳී සිටි නාසා ආයතනයේ ‘ඕරායන්’ (Orion) අභ්‍යවකාශ යානය, සිය තීරණාත්මක චන්ද්‍ර මෙහෙයුම වෙනුවෙන් සඳ වෙත ගමන් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට යානය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී සාර්ථකව සඳ දෙසට ඇදී යමින් පවතී. නාසා ආයතනය අද (03) අලුයම නිවේදනය කළේ තවත් දින හතරක් ඇතුළත මෙම යානය සඳුගේ කක්ෂයට ළඟා වනු ඇති බවයි.​සැලසුම් කළ පරිදි ගමන්මග සම්පූර්ණ කිරීමට හැකි වුවහොත්, අප්‍රේල් මස 06 වනදා වන විට පෘථිවියට කිසිදා දර්ශනය නොවන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා පියාසර කිරීමට ඕරායන් යානයට අවස්ථාව හිමි වේ. මෙය වසර 50කට අධික කාලයකට පසුව මිනිසුන් සහිතව සඳේ කක්ෂය වෙත සිදු කරන පළමු ගවේෂණාත්මක මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වනු ඇත.​අමෙරිකානු වේලාවෙන් පසුගිය බදාදා ආරම්භ වූ මෙම ඓතිහාසික මෙහෙයුම, අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සඳ මතුපිට සහ ඒ අවට පරිසරය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන අතර, සමස්ත ලෝකයේම අවධානය මේ වන විට ඕරායන් යානයේ ඉදිරි ගමන්මග වෙත යොමුව පවතී.

What's your reaction?

Related Posts

1 of 699

Leave A Reply

Your email address will not be published. Required fields are marked *