ICC කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 24) දින මධ්‍ය ප්‍රදේශ්හි ඉන්ඩෝර් හිදී ඔවුන්ගේ හෝටලයේ සිට කැෆේ එකක් වෙත පයින් යමින් සිටියදී ලිංගික හිරිහැරයට ලක්ව ඇති බව වාර්තා වේ. සිද්ධිය වූ වහාම මෙම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් SOS (හදිසි) දැනුම්දීමක් යවා ඇත.තොරතුරු ලැබීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරක්ෂක කළමනාකරු ඩැනී සිමන්ස් (Danny Simmons) බ්‍රහස්පතින්දා සවස MIG පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. පැමිණිල්ලෙන් පසු පොලිසිය මූලික තොරතුරු වාර්තාවක් (FIR) ලියාපදිංචි කර ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු වන අකීල් ඛාන් (Aqeel Khan) අත්අඩංගුවට ගෙන තිබේ. ICC කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ මෙම ක්‍රීඩිකාවන් සෙසු කණ්ඩායම සමඟ රැඩිසන් බ්ලූ හෝටලයේ (Radisson Blu Hotel) නවාතැන් ගෙන සිටියහ. බ්‍රහස්පතින්දා උදෑසන ඛජ්රානා මාර්ගය (Khajrana Road) ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිසිය විසින් සිකුරාදා දින අත්අඩංගුවට ගෙන ඇත.උප පොලිස් පරීක්ෂක නිධි රඝුවංශි (Nidhi Raghuvanshi) මහත්මිය පැවසුවේ, මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ඔවුන්ගේ හෝටලයෙන් පිටතට පැමිණ කැෆේ එකක් වෙත පයින් යමින් සිටියදී, යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු ඔවුන් පසුපස හඹා යෑමට පටන් ගෙන ඇති බවයි. ඔහු නොසුදුසු ලෙස ඔවුන් ස්පර්ශ කර පසුව එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවට චෝදනා එල්ල වේ.




















