ඖෂධ නියාමනය සහ ඖෂධ ගෙන්වීම පිළිබඳ මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා

ඖෂධ නියාමන අධිකාරිය පනතක් මගින් පිහිට වූ ආයතනයක්
සභාපති අද්‍යක්‍ෂ සේවකයින් සියලු දෙනාට පඩි ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින් එහෙනම් ඔවුන්ගේ වගකීම තමයි ජනතාවට හොද සෞඛ්‍ය සේවයක් ලබා දීම
විදීමත් විදියට ඖෂධ ලබා දීම

දැන් ඖෂධ පරික්ෂා කිරීම නිසි ලෙස සිදුවෙන්නේ නැ ඖෂධ දත්ත පද්දතියක් නැ ඒ දුෂණ වංචා කරන්න අවශ්‍ය නිසා පද්දතියක් නැ එය හිතාමතා කරන දෙයක්

කොච්චර ඖෂධ ගෙන්වනවද බෙදා හරිනවද පරික්ෂා කරනවද මේ පිළිබද තොරතුරු නැ

මිලියන 25 ගෙවලා ළමුන් සදහා ගෙන ආ සිරප් තොගයක් භාවිතයට නුසුදුසු ඒවා පසුව ඒ සිරප් තොගය ඉවත් කරන්න වෙනකොට සියට 90 පමණ දරුවන්ට ලබා දීලා

ජනාධිපතිට අපි කියන්නේ ඒකයි නීතියේ හීල් තියෙනවා මිලියන 25 දීලා ගත්තු සිරප් ගෙන්වපු ආයතනයෙන් එම මුදල් ලබා ගත යුතුයි නමුත් එවැනි ක්‍රම වේදයක් නැ

දැන් ලියාපදිංචි ක්‍රමවේදය නැ ටෙස්ට් කරන්න කාලයක් නැ ඖෂධ ඔහේ එනවා මේ හදිස්සි ගෙන්වීම් වලට විධායක අද්‍යක්ෂ පමණක් අත්සන් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස් කරලා එසේ කරන්න පුළුවන් ද

කෝප් කමිටුවේදී මොවුන්ට උත්තර නැ මොවුන්ගේ වැරදි කියනකොට කියන්නේ සේවකයින් නැ හිගයි කියලා බදවා ගන්න අයිතිය ඔවුන්ට තියෙන්නේ

WOR එක සම්බන්ධයෙන් විශාල පාර්ටියක් තිබිල වියදම් කරලා තියෙන්නේ පුද්ගලික ආයතනයක් ඖෂධ නියාමන අධිකාරිය දන්නවා කවුද වියදම් කරේ කියලා ඒ ගැන ඔවුන් වග කිව යුතුයි

ඖෂධ පරික්ෂා කරන්න දත්ත පද්දතිය සකස් කරන්න තව දුරටත් ඉන්නෙ නැතුව
කලාපයේ ඖෂධ පිළිබද දැනීමක් නැ රුපියල් 70000 ට ගන්න ඖෂධ කලාපේ අනිත් රටවල් ගන්නේ රුපියල් තුන්සියට

ඉන්දියාවට කියන්න අවශ්‍යයි මුදල් දෙන්න එපා ඖෂධ දෙන්න කියලා ඉන්දියානු ආධාර කියලා ඖෂධ ගෙන්වලා මගඩි ගහනවා

ඖෂධ 862 අත්‍යවශ්‍ය එයින් ඖෂධ 172 ක්‌ හිගයි මේවා කාගෙවත් පිට පටවන්න එපා මේ පිළිබද වග කියන්න ඕන ඖෂධ නියාමන අධිකාරිය

ප්‍රශ්න

අම්බුළුවාව කියන්නේ සම්පතක් දැන් එය භාරව ඉන්නෙ පෞද්ගලික සමාගමක් රජයේ ඉඩම් රජයේ වියදමින් හදලා දැන් පෞද්ගලික සමාගමක් ලාභ ලබනවා දි මු ජයරත්න පදනම තමයි දැන් එය භාරව ඉන්නෙ

ඕනෑම කෙනෙක්ට ශ්‍රීලංකාව තුල යන්න පුළුවන් නමුත් අම්බුළුවාවට එහෙම යන්න බැ විශේෂ අවසරයක් අවශ්‍යයි අපි නිලධාරියෙක් යැව්වා මෙතනට එතැනදී ඔහුට අපහසුතාවයක් ඇතිවෙන විදියට පිරිසක් බාධා කර තිබෙනවා කව්ද මේ කණ්ඩායම

රජයේ දේපලක ජනතාවට නිති තියෙන්න බැ සිවිල් ඇදගත්ත පිරිසක්‌ අපේ නිලධාරියට පහර දෙනවා අපි ලබන පෝයට අම්බුළුවාව බලන්න යනවා එදාට බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා

ජනාධිපති හා විජිත හේරත් මහතාටත් අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක යන්න කියලා ඒ වගේම ආරක්ෂකඅංශ වලින් ආරක්ෂාව ඉල්ලනවා

What's your reaction?

Related Posts

1 of 634

Leave A Reply

Your email address will not be published. Required fields are marked *