ලොකු පැටී නමැති සැකකරු, මියගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මුදල් ලබාදෙන ලෙස කංජිපානි ඉම්රාන් කළ ඉල්ලීම ක්ලබ් වසන්ත ප්‍රතික්ෂේප කර ඔහුට තර්ජනය කිරීම හේතුවෙන්, කංජිපානිගේ උපදෙස් මත ක්ලබ් වසන්ත ඝාතනය කළ බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්ඡාරණය කර ඇත.
ක්ලබ් වසන්ත, ජනප්‍රිය යූටියුබ් නාළිකාවක සංවාදයකදී පවසා ඇත්තේ තමන්ට සතුරන් දෙදෙනෙකු සිටි බවත්, එක් අයෙකු මියගොස් ඇති බවත්, අනෙකා බියෙන් රටින් පලාගිය බවත් ය.
මියගිය අය මාකඳුරේ මධුෂ් බවත්, පලාගිය අය කංජිපානි ඉම්රාන් බවත් ලොකු පැටී පවසා ඇත.
මධුෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති අතර, එම මුදල් ඉල්ලූ කංජිපානිට ක්ලබ් වසන්ත බැණ වැදීම නිසා ඔහු තදින් උරණවූ බව ලොකු පැටී හෙළි කර ඇත.
ඒ අනුව, කංජිපානි ඉම්රාන් සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කළ බවත්, එම ඝාතනයට තම ගමේම “ටැටූ මල්ලී” නමැත්තා යොදාගත් බවත් සැකකරු පවසා ඇත

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර, ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට ශ්‍රී ලංකා අධිකරණවල චෝදනා ලබා ඇත.