කච්චතිව් මුහුදේ පරෙවි ජාවාරමක් කොටු වෙයි: සැකකරුවන් 3ක් අත්අඩංගුවට

යාපනය, කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ (ජනවාරි 14) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පරෙවියන් 237 දෙනෙකු නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනයේ කච්චතිව් අනුඛණ්ඩයේ නාවිකයන් විසින් මෙම වැටලීම සිදුකරන ලද්දේ මුහුදේ සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.​අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 41ත් අතර පසුවන ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පරෙවියන් සහ ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 942

Leave A Reply

Your email address will not be published. Required fields are marked *