කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියලු කටයුතු සුදානම්

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය  සියලු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති අතර, උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

ඒ අනුව, මෙම දේව මංගල්‍යය සඳහා පැමිණෙන යාත්‍රා සඳහා තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජල පද්ධති ස්ථාපනය කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් ස්ථාපනය කිරීම, මංමාවත් සකස් කිරීම, විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීම, වෛද්‍ය පහසුකම් ස්ථාපනය ඇතුළු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම අද (2025 මාර්තු 10) වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර, මෙම උත්සවය සඳහා පැමිණෙන පිරිස් සඳහා  සංනිවේදන පහසුකම් සැපයිම වෙනුවෙන් කච්චතිව් දූපතේ සංනිවේදන කුළුණක් ස්තාපනය කීරිමද අද (2025 මාර්තු 10) සිදු කෙරිණී.

තවද, දූපත තුල සහ වෙරළ ප්‍රදේශයේ බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂිත කැමරා පද්ධති ස්ථාපනය කිරීමේ කටයුතුද මේ වන විට සම්පුර්ණ කර ඇති අතර, සියලු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම, තාක්‍ෂණික හා සම්පත් දායකත්වය ලබා දීම, අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදු කරණු ලබයි.

What's your reaction?

Related Posts

1 of 605

Leave A Reply

Your email address will not be published. Required fields are marked *