කටාර් රාජ්‍යයේ එමීර් අතිගරු ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇත. මෙහිදී කටාර් රාජ්‍යයට සහ කලාපයේ සෙසු රටවලට එල්ල වෙමින් පවතින ඉරාන ආක්රමණකාරී ක්‍රියා හමුවේ කටාර්හි වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විමසා සිටි අතර, ශ්‍රී ලංකාවේ සහයෝගය සහ සහයෝගීතාව ඒ වෙනුවෙන් ප්‍රකාශ කර සිටියේය. මෙයට ප්‍රතිචාර දක්වමින් එමීර්වරයා කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, තම දේශ සීමාව තුළ වෙසෙන සියලු දෙනා කෙරෙහි රජයේ දැඩි අවධානය සහ සැලකිල්ල යොමුව ඇති බව අවධාරණය කළේය.මෙම සාකච්ඡාවේදී වත්මන් යුදමය උත්සන්න වීම් හේතුවෙන් බලශක්ති ක්ෂේත්රයට සහ සැපයුම් දාමයන්ට එල්ල වී ඇති සෘජු බලපෑම් ඇතුළු කලාපීය අභියෝග පිළිබඳව ද අවධානය යොමු විය. ජාත්‍යන්තර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව හරහා මෙම අභියෝග ජයගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර, වත්මන් සුවිශේෂී තත්ත්වයන් හමුවේ වුවද විශ්වාසදායක බලශක්ති හවුල්කරුවෙකු ලෙස බලශක්ති සැපයුමේ අඛණ්ඩතාව සහ පවතින බව සහතික කිරීමට කටාර් රාජ්‍යය කැපවී සිටින බව එමීර්වරයා යළිත් තහවුරු කළේය. අවසාන වශයෙන්, කලාපීය ආතතීන් පාලනය කිරීමටත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් හරහා කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමටත් ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශවයම අවධාරණය කළහ.
























