කටුනායකදී කෝටි 20ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට!

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 200ක් පමණ වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය නීති විරෝධී තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. තායිලන්තයේ බැංකොක් නුවරින් මෙම තොගය මිලදී ගෙන, වෙනත් පුද්ගලයකු හරහා ශ්‍රී ලංකාවට ගෙනැවිත්, සිය නිවසේ සඟවා තිබූ ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම සැකකරු ඊයේ රාත්‍රියේ (දෙසැම්බර් 14) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී විවෘත නොකළ ගමන් මලු 20ක් තුළ අසුරා තිබූ කිලෝග්‍රෑම් 21කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය. ඊට අමතරව, සැකකරු සන්තකයේ තිබී ඇමරිකානු ඩොලර් 4,900ක් ද සොයාගෙන ඇත. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අද (දෙසැම්බර් 15) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 889

Leave A Reply

Your email address will not be published. Required fields are marked *