කටුනායකදී රු. කෝටි 6.9 කට අධික හෙරොයින් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී (BIA) රුපියල් මිලියන 69.24ක් (රු. කෝටි 6.924) වටිනා හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට එයාර් ඒෂියා ගුවන් යානයකින් (AK-047) අලුයම 12.30ට පමණ BIA වෙත පැමිණ ඇත. ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 308ක් සොයාගෙන ඇති අතර, එයින් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *