කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී මෙතෙක් සිදුකළ ගාස්තු අයකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හුවමාරු මධ්‍යස්ථානයේදී ගාස්තු අයකිරීම අනවශ්‍ය බවත්, ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වන බවත් බලධාරීන් නිරීක්ෂණය කර ඇති බවයි.මෙම ගාස්තු අයකිරීම ඉවත් කිරීම හරහා කාර්යබහුල වේලාවන්හිදී ගමන් කරන රියදුරන්ට විනාඩි 8ත් 9ත් අතර කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ගණන් බලා ඇත. කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුව හරහා ගමන් කරන වාහන සඳහා පමණක් මෙම තීරණය බලපැවැත්වෙන අතර, රථවාහන ගමනාගමනය වඩාත් විධිමත් කිරීම සහ මගීන්ගේ ගමන් පහසුව ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


























