කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමෙන් මංතීරු 4ක් අද සිට විවෘතයි

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර්හුවමාරුවේ පිවිසුම් මංතීරු හතරක් අද (දෙසැම්බර් 23) සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන පරිදි විවෘත කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. දිනපතා අධිවේගී මාර්ගයට ඇතුළු වන දහස් සංඛ්‍යාත වාහන සඳහා ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණයි. ඒ අනුව විද්‍යුත් ගාස්තු අය කිරීමේ (ETC) එක් මංතීරුවක් සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන මංතීරු තුනක් පැය 24 පුරාම විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.​මීට පෙර ඇතැම් රියදුරන් ETC මංතීරුව පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැතිව එම මංතීරුවට ඇතුළු වීම නිසා සිදුවූ රථවාහන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා, නව ක්‍රමවේදය යටතේ එම මංතීරුව නිල් පැහැයෙන් සලකුණු කර ඇත. මීට අමතරව, අදාළ කොටස තුළ රිය ධාවනය සඳහා පැයට කිලෝමීටර් 15 ක වේග සීමාවක් ද පනවා ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *