කටුනායක ගුවන්තොටුපොළේදී රු. කෝටියක දුම්වැටි සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ගත වූ පැය 12ක කාලය තුළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි සමග සැකකරුවන් 03 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(18) අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි සංඛ්‍යාව 68,000 කි.

ඊයේ පස්වරුවේ ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,000ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටිවල සම්පුර්ණ වටිනාකම රුපියල් එක්කෝටියකට අධික වේ.

මේ අතර ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයින් යුවළක් කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *