ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (05) උදෑසන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් ගුවන්තොටුපොළ තුළදීම දරු ප්‍රසූතියක් සිදු කර තිබේ. ඇය වයස අවුරුදු 29ක් වන ටැන්සානියානු ජාතික කාන්තාවකි.අද උදෑසන 6.30ට පමණ ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායකට පැමිණි මෙම කාන්තාව, යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාම සඳහා සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට ඇත. එහිදී ඇයට ප්‍රසව වේදනා ඇති වීමත් සමඟම, වහාම ගුවන්තොටුපොළේ පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.අනතුරුව එම මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය ඇතිව ඇය නිරෝගී පිරිමි දරුවෙකු ප්‍රසූත කළ බව වාර්තා වේ. ඉන් අනතුරුව මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුනායක ගුවන්තොටුපොළ ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.


























