කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපනය කරන ලද නව විද්‍යුත් දොරටු (E-Gates) පද්ධතිය අද (ජනවාරි 28) සිට නිල වශයෙන් විවෘත කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ජපාන රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ නවීන විද්‍යුත් දොරටු හතරක් ගුවන් තොටුපළ වෙත හඳුන්වා දී ඇත. මෙම “E-Gate” ව්‍යාපෘතිය මගින් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම වන අතර මගීන්ට ප්‍රමාදයකින් තොරව සිය කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව ලැබෙන බව ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


























